BREAKING NEWSEXCLUSIVESMART UPDATEVIRAL NEWS

කාතිගේ අවසරය මත විවාහා වීමට අවසර තිබූ අවම වයස 12 සිට 18 දක්වා ඉහලට.. – ළමා නීති සංශෝධනයක්

ළමුන් සම්බන්ධයෙන් වු අණ පනත් කිහිපයක් සංශෝධනය කිරීමට මේ වනවිටත් පියවරගෙන ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ප්‍රකාශ කර සිටිනවා.

එහි සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පවසන්නේ ඊට අදාළ නීති කෙටුම්පත් මේ වනවිට සකස් වෙමින් පවතින බවය. එම නීති කඩිනමින් සම්මත කිරීමට කටයුතු කරන බවද මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සඳහන් කළේ.

“විවාහ විය හැකි වයස, අවුරුදු 12 හෝ ඊට අඩු කෙනෙකුට කාතිවරයාගේ අවසරය යටතේ විවාහ විය හැකි මට්ටමට පැවතුණා. අපි ඉල්ලා සිටියා එය වයස අවුරුදු 18 සාමාන්‍ය මට්ටමට ගෙනඒමට. මේ වනවිට එයට කැබිනට් අනුමැතිය ලැබී නීති සම්පාදන දෙපාර්තමේන්තුව දක්වා ගොස් තිබෙනවා. ඊට අමතරව අන්තිම කැමති පත්‍රය, මේ වනතුරු එහි තිබුණේ කාන්තාවකට වයස අවුරුදු 18දීත් පිරිමි පුද්ගලයෙකුට 21දීත් ලෙසයි. මේ නිසා කාන්තාව සහ පිරිමියා අතර තිබෙන වෙනස නැතිකොට සියල්ලම වයස අවුරුදු 18 වෙත ගෙන ඒමටත් කැබිනට් අනුමැතිය ලැබුණා. එයත් නීති සම්පාදන දෙපාර්තමේන්තුව යටතේ පවතිනවා. සාප්පු හා කාර්යාල පනතේ ළමයෙකුගේ වයස අවුරුදු 14 ලෙස සටහන්ව තිබෙනවා. එය මේ වනවිට අවසන් වී නීතිගතවී අවසන්.” යනුවෙන් ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button