BREAKING NEWSEXCLUSIVEPOLITICS

හමුදා පුහුණුවක් දීමට අවශ්‍ය වන්නේ මිලිටරිකාරයන් කිරීමට නොව දේශප්‍රේමීන් බවට පත්කිරීමටයි. – ඇමති වීරසේකර

වයස අවුරුදු 18ට වැඩි අයට හමුදා පුහුණුවක් දීමට අවශ්‍ය බව පැවසුවේ මිලිටරිකාරයන් කිරීමට නොව දේශප්‍රේමීන් බවට පත්කිරීමට බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා.

මේ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අද (17) විනය ගරුක සමාජයක්, සෞභාග්‍යමත් දේශයක් රාජ්‍ය ප්‍රතිපත්තියට අනුගත වෙමින් මෙරට වෙසෙන ප‍්‍රජාවට මෙන්ම රට ඉදිරියේ ඇති අභියෝගවලට ගැලපෙන පරිදි 2019.12.23 දින සිට නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ දිසාවේ ග්‍රාම නිලධාරී වසම් 77 ක පිහිටවනු ලැබූ මහජන ආරක්ෂක කමිටු 200 ක ස්ථාපිත කෙරුනු ග්‍රාමීය ප්‍රජා පොලිස් ඒකකයන්හි පොලිස් රාජකාරීන් ප්‍රජා පොලිස්කරණය යටතේ සිදුකිරීමේ ආරම්භක අවස්ථාවට එක්වෙමින්..

විනයක්,හික්මීමක්,රටට ආදරයක් ඇති තරුණ පරපුරක් ගොඩනැගුවොත් පවතින අපරාධ අඩුකරගත හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

ඉතිහාසයේ පටන් මෙරටට ආක්‍රමණ සිදු වූයේ රටේ පවතින වැදගත්කම හේතුවෙන් බවත් නමුත් ඉතිහාසයේ පටන රට යුද්ධයකින් පරාජය කිරීමට මුතුන් මිත්තන් ඉඩ නොදුන් බවත් පාවා නොදෙන්නන් බිහිකිරීමට නම් දේශප්‍රේමින් ගොඩනැගිය යුතු බවයි වීරසේකර මහතා වැඩි දුරටත් පැහැදිලි කලා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button