BREAKING NEWSEXCLUSIVE

මිලින්ද රාජපක්ෂගෙන් එරාන්ට හා අනුර කුමාරට පිළිතුරු!

රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පිළිබඳව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සහ හිටපු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න සිදු කළ විවේචනයකට ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක මිලින්ද රාජපක්ෂ විසින් පිළිතුරු සපයා තිබෙනවා,

මිලින්ද රාජපක්ෂගේ පිළිතුර පහතින්,

අජිත් නිවාඩ් කබ්රාල් මහබැංකු අධිපතිවරයා ලෙස පත් කිරීම අනුමත කල නොහැක: එරාන් වික්‍රමරත්න (EW) සහ අනුර කුමාර දිසානායක (AKD)

1. EW මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් AKD යහපාලන රජයේ ප්‍රබලයෙකු ලෙසත් වසර 5 ක කාලයක් කටයුතු කල අතර එම කාලය තුළ කබ්රාල්ගේ ඕනෑම අකටයුත්තක් හෙළි කර ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඔවුන්ට ඕනෑ තරම් අවස්ථාව තිබුණි. එහෙත්, ඔවුන් සහ ඔවුන්ගේ සගයන් එවැනි අක්‍රමිකතාවක් සොයා ගැනීමට උපරිම උත්සාහයක් ගත්තද, එය ඵල රහිත වූයේ, ඔවුන්ට ඔප්පු කළ හැකි කිසිදු වරදක් හෝ අක්‍රමිකතාවක් සිදු කර නොමැතිව තිබු බැවිනි.

2. ඒ අතරම, කබ්රාල් කිසි විටෙකත් පලා නොගිය අතර සෑම චෝදනාවකටම සෘජුවම මුහුණ දුන්නේය. ඔහු සියළුම විවේචකයන්ට ප්‍රසිද්ධියේ පිළිතුරු දුන් අතර ඔහු අතින් අක්‍රමිකත්වක් සිදු වූ බවට එකදු සාක්‍ෂියක් හෝ ලබා දෙන ලෙස EW සහ AKD ඇතුළු එවකට පැවති යහපාලන රජයට විවෘත අභියෝගයක් කළේය. ඊට ප්‍රතිචාර වශයෙන් ඔවුන් මඩ හා අවලාද නගන ලද අතර, කබ්රාල්ට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් හෝ චෝදනා පත්‍රයක් ගොනු කිරීමට යහපාලන රජයට නොහැකි විය.

3. ඉන්පසුව කබ්රාල් වසරකටත් වැඩි කාලයක් මන්ත්‍රීවරයෙකු සහ රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කළේය. එම කාලය තුළ කබ්රාල් බොහෝ ගැටලු සහ විවිධ කාරනා සම්බන්ධයෙන් EW සහ AKD ඇතුළු විපක්ෂයට විවෘතව මුහුණ දුන්නේය. එහෙත්, සුපුරුදු පරිදි එම කණ්ඩායමට කිසිදු ගැටලුවකදී කබ්රාල්ට අභියෝග කිරීමට නොහැකි විය.

4. මේ අවස්ථාවේදී, කබ්රාල් සිය පාර්ලිමේන්තු අසුන හා අමාත්‍යාංශ ධුරයෙන් ඉල්ලා අස්වී මහ බැංකු අධිපති ධුරය භාර ගැනීමට සූදානම් වන බව සැලවීමත් සමග මෙම කණ්ඩායම ඉතා කලබලයට සහ කනස්සල්ලට පත් වී ඇත්තේ කබ්රාල් ආර්ථිකය හා මූල්‍ය ක්ෂේත්රය ස්ථාවර කළහොත්, ඔවුන්ගේ නැවත බලය ලබා ගැනීමේ සිහින බිඳ බොඳවනු ඇති නිසාවෙනි. ඔවුන්ගේ සියලු බලාපොරොත්තු සුන්වීම හේතුවෙන්, ඔවුන් දැන් මඩ ව්‍යාපාරයක් ආරම්භ කර කබ්රාල් සහ රජය විසින් පියවරෙන් පියවර ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට දරන උත්සාහය වෙනතකට යොමු කිරීමට උත්සහ කරමින් සිටිති.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button