BREAKING NEWSEXCLUSIVE

රට ගිහින් ආවා නම් දවස් 14 ක් ගෙදරම ඉන්න – සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ඉල්ලීමක්

විදෙස්ගතව සිට පැමිණෙන ශ‍්‍රී ලාංකිකයින් දින 14 ක් නිවෙස්වලටම වී සිටින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඉල්ලීමක් කරනවා.

සොඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා එසේ පැවසුවේ ඊයේ (09 වැනිදා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

කොරෝනා වෛරසය විදෙස් රටවල් අතර පැතිරෙමින් තිබෙන බැවින්, මේ දිනවල හැකිතාක් දුරට විදෙස් සංචාරවලින් වළකින ලෙසද ඒ මහතා මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම මෙම තත්ත්වය සමනය වන තෙක් කණ්ඩායම් වශයෙන් විදෙස් සංචාරවලට එක්වීමෙන් වළකින ලෙස ද වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button