රාජ්‍ය සේවකයන් ගස් බැඳි මර්වින් සිල්වා සජිත්ගේ වේදිකාවට

පසුගිය රජය සමයේ රාජ්‍ය සේවකයන් ගස් බැදීමට හා නොයෙකුත් දාමරික ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබේ.
ඊයේ දින (25) එම පක්ෂයට සම්බන්ධ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට මර්වින් සිල්වා එක්විය.
ඔහු එජාප දික්වැල්ල ජන රැළියට එක්වී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ගීතයක්ද ගායනා කරනු ලැබීය.
මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයාගේ පුත්‍රයා වන මාලක සිල්වා පසුගිය රාජපක්ෂ රජය සමයේ කොළඹ ප්‍රධාන රාත්‍රී සමාජශාලාවක විදේශිකයෙක් සමග ගැටුමක් ඇති කර ගත් අතර එම සිදුවීම හේතුවෙන් ඔහු සිරගත කිරීමට හිටපු ආරක්ෂක ලේකම්වරයා කටයුතු කළා. පසුව දිගින් දිගටම ඇප කොන්දේසි කඩ කළ මාලක සිල්වාට ‘නාදුනන’ පිරිසකගේ ප්‍රහාරයටද ලක් වූවා.
තමා අමාත්‍යවරයෙක් වූවත්, සිය පුත්‍රයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බව කියමින් මර්වින් සිල්වා ගෝඨාභය රාජපක්ෂ මහතා සමග විරසක වී තිබේ.
මර්වින් සිල්වා අමාත්‍යවරයාටද බොහෝ දාමරික ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා රාශියක් එල්ල වී තිබේ.