BREAKING NEWSEXCLUSIVE

බෝර්න් අගේන් බලපෑම ඉහළයි – කණ්ඩායමෙන් ඉවත් කරනවා යැයි කී කුසල් මෙන්ඩිස් නැවතත් සංචිතයට.!

ඉන්දියාව සමඟ පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. ඒ අසන්ත ද මෙල් ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසිනි.

විශේෂත්වය වන්නේ දිගින් දිගටම අසාර්ථක වී ඉන්පසුව කණ්ඩායමෙන් ඉවත් කරනවා යැයි කියූ කුසල් මෙන්ඩිස් සංචිතයට නම් කිරීමට තේරීම් කමිටුව කටයුතු කර තිබේ.

පසුගිය සමයේ කුසල් මෙන්ඩිස් කෙතරම් අසාර්ථක වූවද ඔහුට අවස්තාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අදිසි හස්ථයක් විසින් කටයුතු කරන බවට චෝදනා එල්ල විය. මෙරට ක්‍රිකට් ප්‍රධානීන් සහ යාන්ත්‍රණයම බිලි ගත් ‘බෝර්න් අගේන්’ නම් ආගමික මාෆියාවක් ඒ පසුපස සිටින බවටද පසුගිය සමයේ හෙළිදරවු විය.

මේ අතර මාස 16කට පමණ පසු ඇන්ජලෝ මැතිව්ස් විස්සයි-20 කණ්ඩායමට කැඳවා තිබේ. අවසන් වරට මැතිව්ස් විස්සයි-20 තරගයකට ක්‍රීඩා කර ඇත්තේ 2018 වසරේ අගෝස්තු මසදීය.

ශ්‍රී ලංකා සංචිතය – ලසිත් මාලිංග (නායක), ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඉසුරු උදාන, භානුක රාජපක්ෂ, ඕෂධ ප්‍රනාන්දු, වනිඳු හසරංග, කසුන් රජිත, ළහිරු කුමාර, කුසල් මෙන්ඩිස්, ලක්ෂාන් සඳකැන්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button