BREAKING NEWSEXCLUSIVEPOLITICS
අගමැති සහ මෙරට චීන තානාපති අතර හමුවක්

මෙරට ආර්ථික පුනර්ජීවනයට චීනයෙන් ලැබෙන අඛණ්ඩ සහයෝගය සම්බන්ධයෙන් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ ප්රසාදය පළ කර තිබෙනවා.
ඒ, මෙරට චීන තානාපති වී. ෂෙන්හොන් ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී හමු වූ අවස්ථාවේදියි.
කොරෝනා වසංගතය පාලනය කිරීමට එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා ශ්රී ලංකාවට ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් ද චීන රජයට ප්රණාමය හිමි වන බවයි, අග්රාමාත්යවරයා මෙහිදී ප්රකාශ කර ඇත්තේ.
එහිදී මෙරට චීන තානාපතිවරයා සඳහන් කර සිටියේ, ශ්රී ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙලේ සාර්ථකත්වයට සුබ පැතුම් එක් කරන බවයි.