BREAKING NEWSEXCLUSIVE
රනිල් සහ අමෙරිකනු තානාපතිනිය අතර හමුවක්..

හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සහ ශ්රි ලංකාවේ නව අමෙරිකනු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය අතර අද (21) සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ කොළඹ කොල්ලුපිටියේ පිහිටි, හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගෙ පෞද්ගලික නිවසේදී ය.
ඔවුන් එහිදී, ශ්රි ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා වනවා.
ශ්රි ලංකාවේ ඇති හදිසි ආර්ථික අභියෝගවලට තිරසාර විසඳුම් සෙවීමට එක්සත් ජනපදයට සහ ශ්රි ලංකාවට එකට ක්රියාකළ හැකි ක්රම පිළිබඳව ඇය එහිදී කරුණු පෙන්වා දුන් බව වාර්තා වුනා.