BREAKING NEWSEXCLUSIVE

වෛද්‍ය සිසුන්ට චීනයේ දොරටු විවරවෙයි

සිය උසස් අධ්‍යාපන කටයුතු නිම කිරීම සඳහා චීනයට යෑමට නියමිත ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන්  පිළිබඳව ඉහළ ප්‍රමුඛත්වයකින් කටයතු කරන බව චීන විදේශ අමාත්‍ය වැංග් යී මහතා පැවැසීය.

ශ්‍රී ලංකාවේ සංචාරකයක නිරත චීන විදේශ අමාත්‍යවරයා අරලිය ගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්ඡාවේදී  මේ බව පැවැසීය.

ශ්‍රී ලංකාවේ වෛද්‍ය සිසුන් 1200ක් පමණ චීනයේ වෙද්‍ය උපාධිය හදාරණ අතර මෙරටට පැමිණි සිටින සිසුන් යළිත් චීනයට යාමට නොහැකි වී ඇත්තේ චීනය කොවිඩ් පාලනය කිරීම වෙනුවෙන් ගෙන ඇති නීති හේතුවෙනි.

මෙම කරුණ පිළිබඳව චීන විදේශ අමාත්‍යාංශය සමග සාකච්ඡා කරන ලෙස චීන විදේශ අමාත්‍යවරයා ඒ අවසථාව්දී ශ්‍රී ලංකාවේ චීන තානපති චී ෂෙන්හොන් මහතාට උපදෙස් දුන්නේය.

මෙම හමුවේදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් 4කට අත්සන් තැබීය.

කොවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ පා ඇති අභියෝග චීනය ඇතුළු මිත්‍ර රටවලින් ලැබෙන සහාය  සමග ඉක්මනින් විසඳා ගැනීමට හැකි වෙනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවැසීය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button