BREAKING NEWSPOLITICS

ඇමතිතුමාගෙන් අහන්න ජාතික වැඩසටහන ඇරඹේ – ඇමති ගොඩහේවාගෙන් රටට පිළිතුරු

ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය විසින් ආරම්භ කළ ‘ඇමතිතුමාගෙන් අහන්න’ ජාතික වැඩසටහන අද (18) ඇරඹුනා.

රාජ්‍ය ඇමතිවරුන් සමාජජාලා මාධ්‍ය ඔස්සේ සජීවීව ජනතාවගේ ගැටලු වලට පිළිතුරු ලබාදීම මෙම වැඩසටනේ ආකෘතියයි. ඒ අනුව අද ඇමතිතුමාගෙන් අහන්න පළමු වැඩසටහනට සහභාගී වූයේ නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාය.

එහිදී නාලක ගොඩහේවා රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සිය අමාත්‍යංශය ක්ෂේත්‍ර දහයක් ඉලක්ක කරගනිමින් සිය ඉලක්ක සැලසුම් කර ඇති බවත්, භෞතික සම්පත් සංවර්ධනය, පරිසර සුරක්ෂණය හා සමාජය බලගැන්වීම සිය අමාත්‍යංශයේ මූලික ඉලක්ක බවයි.

ජාතික සංවර්ධන වැඩපිළිවෙල ජනතාවට වඩා සමීප කිරීම සඳහා ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය ඇරඹුනු අතර එම ආයතනය විසින් සංවිධානය කරන මෙවැනිම වැඩසටහනක් වන Cyber Conference සමාජජාලා සංවාදය සෑම බදාදා දිනකම පැවැත්වෙනවා. එහිදීද සමාජජාලා ක්‍රියාකාරිකයන්ට ඍජුවම සම්බන්ධ වී සිය ගැටලු ඉදිරිපත් කිරීමේ අවස්තාව හිමිවෙනවා.

‘ඇමතිතුමාගෙන් අහන්න’ සංවාදය පහතින්,

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button