ශ්‍රී ලංකාවෙන් ඓතිහාසික තීන්දුවෙන් – MCC ගිවිසුම අත්සන් නොකරන බව නිල වශයෙන් දැනුම් දේ

ඇමරිකාව සමග MCC ගිවිසුම අත්සන් නොකිරීමට රජය තීරණය කර ඇත.
ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් මෙම තීන්දුව ගත් බව කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
මෙම යෝජිත ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය කර කරුණු වාර්තා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද කමිටුවේ මූලික වාර්තාව පසුගියදා ඔහුට භාර දෙන ලදී.
එම වාර්තාවෙන් දැක්වෙන්නේ දැනට කෙටුම්පත් වී තිබෙනා MCC ගිවිසුම අත්සන් නොකළ යුතු බවටයි. මේ අනුව ජනපති, අගමැති ප්රමුඛ කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.
නව රජය මෙම තීරණය ගෙන ඇත්තේ MCC ගිවිසුම කෙලෙසක හෝ අත්සන් කළ යුතුයැයි ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට දැඩි පීඩනයක් එල්ල කරද්දි, එම බලපෑම් නොතකා වීම විශේෂත්වයකි.
පසුගිය රජය මෙම ගිවිසුම අත්සන් කිරීමට එකග වූ අතර, හිටපු අමාත්‍යවරුන් වූ මංගල සමරවීර සහ පාඨලී චම්පික රණවක ඇමෙරිකානු තානාපති කාර්යාලයට අනුබද්ධ රාජ්‍ය නොවන සංවිධානයක් සමග එක්වී මෙම ගිවිසුමේ ප්‍රවර්ධන කටයුතු සිදු කළා.