GOSSIP NEWSVIRAL NEWS
සියල්ල සුදානම් – මිලේනියම් ගිවිසුම කඩිමුඩියේ අදම අත්සන් කිරීමට යයි.!

ආන්දෝළනාත්මක මිලේනියම් චැලේන්ජ් ගිවිසුම තවත් ස්වල්ප මොහොතකින් අත්සන් කිරීමට සියල්ල කටයුතු යොදා තිබෙන බවට වාර්තා වෙනවා.
මෙම ගිවිසුමට මින්පෙර කැබිනට් අනුමැතිය හිමි වූ නමුත් එය තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැහැ.
මෙම ගිවිසුම අත්සන් කිරීමට මුදල් අමාත්‍යංශ පරිශ්‍රය සුදානම් කර තිබෙන අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් ඇමති මංගල සමරවීර එම ගිවිසුමට අත්සන් කිරීමට සුදානම් බව වාර්තා වේ.
කෙසේ වෙතත් රටක විදේශ ගිවිසුමක් අත්සන් තැබීමට මුදල් ඇමතිවරයාට කිසිදු නෛතික බලයක් නොමැති බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.
මේ අතර මෙම ගිවිසුමට එරෙහිව අති පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් විසින් නිදහස් චතුරශ්‍රයේදී උපවාසයක් අරඹා තිබෙන අතර එය මේ මොහේතේද ක්‍රියාත්මකයි.