BREAKING NEWSEXCLUSIVE

ඕනෑම හදිසි අවස්තාවකට මත්තල සුදානම්

හදිසි අවශ්‍යතාවයකට ගැළපෙන පරිදි නිසි සැළසුමකට අනුව මත්තල ගුවන්තොටු පොලේ සියළුම කටයුතු ක්‍රියාත්මක වෙන බවත්, ඕනැම හදිසි අවශ්‍යතාවයකට මුහුණ දිම සදහා ගුවන් තොටුපොල කාර්ය මංඩලය සුදානම්ව සිටින බවත් එම ආයතනයේ ප්‍රකාශකයෙක් මාධ්‍යයට පවසනවා.

සේවයට එන සියළුම කාර්ය මංඩලයේ අය සෞඛ්‍ය බළධාරීන් ලබා දි ඇති උපදෙස් අනුව කටයුතු කරනු ලබන බවත්, ඒ සදහා අවශ්‍ය සියළුම පහසුකම් ගුවන් තොටුපොල පරිශ්‍රෙය් ස්ථාපිත කර තිබේදැයිද එහි ප්‍රධාන කළමණාකරු උපුල් කලංසුරිය ප්‍රකාශ කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“මේ වන විට මත්තල ගුවන් තොටුපොලෙන් මගීන් පිටත් විම් හෝ පැමිණිම් කිසිවක් සිදුවන්නේ නෑ .එහෙත් රජයෙන් ලැබෙන උපදෙස් අනුව ඕනැම අවස්ථාවක ගුවන් යානා සදහා සහ මගින් සදහා අවශ්‍ය පහසුකම් ලබා දිමට අප සුදානම් වි සිටිනවා.

ඒ වගේම මේ වන විට ගුවන් තොටුපොල සියළුම කාර්ය මංඩලය ඉතා ආරක්ෂිතයි. මේ දිනවල කාර්ය මංඩලයේ පැමිණීම සීමා සහිත කරලා තියෙනවා.සේවයට පැමිණෙන සියළුම සේවකයින් සදහා නිවසටම ප්‍රවාහන පහසුකම් සළසා තිබෙනවා.ඊට අමතරව අවශ්‍ය අවස්ථාවලදි සේවකයන්ට ආහාර ලබා දීමටත් අවශ්‍ය පියවර අරගෙන තියෙනවා.” යනුවෙනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button