CRICKETSPORTS

බ්‍රේට් ලී, ෂොයෙබ් අක්තාර් අහලකවත් නෑ – ලොව වේගවත්ම පන්දුව යොවුන් ශ්‍රී ලාංකික ක්‍රීඩකයාගෙන්

ශ්‍රී ලංකා දහනමයෙන් පහළ කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ විසින් ලොව වේගවත්ම පන්දුව යවා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ ශ්‍රී ලංකා දහනමයෙන් පහළ කණ්ඩායම සහ ඉන්දීය දහනමනයෙන් පහළ කණ්ඩායම් අතර පසුගිය 19දා පැවැති තරගයකදීය.

මෙහිදී මතීෂ විසින් යැවූ තරගයේ තෙවන පන්දුවාරයේ පස්වෙනි පන්දුව පන්දුව පැයට කිලෝමීටර 175ක වේගයෙන් යැවූ පන්දුවක් ලෙසට වේග මීටරයේ සනිටුවහන් වුනා.

මින්පෙර ලොව වේගවත්ම පන්දුව ලෙස සනිටුවහන්ව ඇත්තේ පැයට කිලෝමීටර 161.3 වේගයෙන් ෂොයෙබ් අක්තාර් යැවූ පන්දුවකි. ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන් වන බ්‍රෙට් ලී හා ශෝන් ටේට් 161.1ක වේගයෙන් පන්දු යවා තිබේ.

මේ අනුව මතීෂ, ෂොයෙබ් අක්තාර්ට හා බ්‍රෙට් ලීට වඩා පැයට කිලෝමීටර 14ක් වේගයෙන් පන්දු යවා තිබීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් මෙය සැබෑ ලෙසටම පැයට කිලෝමීටර 175ක වේගයෙන් යැවූ පන්දුවක්ද, නොඑසේ නම් අත්වැරදීමක්ද යන්න තවමත් අයිසීසීය විසින් තහවුරු කර නැහැ.

– Lanka Cric – 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button