BREAKING NEWSPOLITICS
ඇඳිරිනීතිය මැදත් මාතර දිස්ත්‍රීක්කයේ ජනතාවට අත්‍යවශ්‍ය සේවා සපයන්න වැඩපිළිවෙලක්

කොරෝනා හෙවත් කොඩිඩ් 19 වසංගත රොග තත්ත්වය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පනවා ඇති මේ සමයේ පීඩාවට පත්වන මාතර දිස්ත්‍රීක් ජනතාවට සහන සහ අත්‍යවශ්‍ය සේවා සැපයීමේ සේවටක් හිටපු අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අරඹා තිබේ.
ඇඳිරී නීතිය හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා බිඳ වැටීම් වලින් තොරව ජනතාවට එම සේවා ලබා දීම මෙම ක්‍රියාවලියේ අරමුණයි.
මෙලෙසට වැලිගම ප්‍රදේශය ඇතුලු මාතර ප්‍රදේශයේ පානීය ජලය නොමැතිව පීඩා විඳින ජනතාවට බවුසර් මාර්ගයෙන් පානීය ජලය ලබා දීමද මෙහිදී සිදුකෙරේ.