BREAKING NEWSEXCLUSIVE

ගොවියන් අසරණයි – එලවලු මිල සීග්‍රයෙන් පහළ බසියි!

වෙළදපොලේ එලවලු මිල දෙවෙනි දිනටත් අද දින පහල බැස තිබේ.

මේ අනුව ඊයේ දින කිලෝව 350 – 400 සිට 200 – 250 දක්වා මිල පහල ගිය ඇතැම් එලවලු අද දිනයේ කිලෝව රුපියල් 120-140 දක්වා තවත් පහත බැස තිබේ.

රසායනික පොහොර තහනම ඉවත් කිරීමත් සමග මෙලෙසට එක්වරම එලවලු මිල කිහිප ගුනයකින් පහත වැටීමත් විශේෂත්වයකි.

මේ අනුව ඇතැම් ගොවියන් ප්‍රකාශ කළේ පසුගිය සති කිහිපයේ තමන් විශාල ලාභයක් ලැබූ බවත්, යළිත් එලවලු මිල පහළ යාමත් සමග සිය ලාභයද පහල ගොස් ඇති බවයි.

දෛනික මිල තොරතුරු තොග මිල ( Rs/1 Kg)
(2021.11.27 දින පෙ.ව 8.00)
(දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරය විසින් නිකුත් කරන මිල ගණන්)
ගෝවා 170-180
මල්ගෝවා 290-300
බෝංචි 120-140
ලීක්ස් 220-250
කැරට් – නුවරඑළිය 210-220
කොළබීට් – නුවරඑළිය 200-220
කට්බීට් – මැල්සිරිපුර 90-100
තක්කාලි 280-300
රාබු 110-120
නෝකෝල් 110-120

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button