BREAKING NEWSEXCLUSIVEPOLITICS

අඩු ආදායම් ලාභීන්ට යළිත් සහන මල්ලක් – වතුකරයට මසකට තිරිගු පිටි කිලෝ 15ක සහනයක්..!

ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහනාධාර ලබාදීමට ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව සෑම ග්‍රාම නිළධාරී කොට්ඨාසයකම තෝරාගත් පවුල් 40 ක් සඳහා රුපියල් 2000 ක් වටිනා සහන මල්ලක් ලබාදීමට තීරණය කර ඇත. සහන මල්ල සඳහා සුදුසුකම් ලබන පවුල් සඳහා ඩිජිටල් කාඩ්පතක් ලබාදෙන අතර එම කාඩ්පත භාවිතා කරමින් සුපිරි වෙළඳසැල් හරහා රුපියල් 2000 ක් වටිනා භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව හිමි වේ.

මීට අමතරව වතුකරයේ පවුල් සඳහා මාසිකව තිරිඟු පිටි කිලෝග්‍රෑම් 15 ක් ලබාදීමට නියමිතය. වතුකරයේ පවුල් 115,867 ක් සඳහා මෙම සහනය හිමිවනු ඇති බව වාර්තා වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button