BREAKING NEWSEXCLUSIVE
ප්ලාස්ටික් නිෂ්පාදන රැසක් තහනම්

කැළිකසළ පුළුස්සා දැමීම බරපතල පාරිසරික ගැටලුවක් වී ඇත.මේ බව පරිසර අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.මෙරට කැළිකසල වලින් 80%ක්ම පුළුස්සා දමන බවට පෙනීගොස් ඇති බව පසුගිය වසරේ ලෝක බැංකු වාර්තාවේද සඳහන් කර තිබෙනවා.ග්‍රාමීය ප්‍රදේශවල වැඩි වශයෙන්ම කැළිකසල පුළුස්සා දමන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.එමෙන්ම ප්ලාස්ටික් හා පොලිතින් ගිනි තැබීම තුළින් මිනිසාට අහිතකර වායු වර්ග විමෝචනය වනබවත් පරිසර අමාත්‍යංශය දක්වා තිබෙනවා.රජය ප්ලාස්ටික් සහ පොලිතින් මගින් ඇතිවන ගැටලු පිළිබඳ කල්තබා අවධානය යොමු කර ඇති අතර, මේ හේතුවෙන් නිෂ්පාදන රැසක් තහනම් කිරීමට කටයුතු කර ඇති බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.ලෝක ප්රතිචක්රී දිනය වෙනුවෙන් සූම් යෙදවුම ඔස්සේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ අදහස් පළකලා