GOSSIP NEWSVIRAL NEWS

මාලූ කිලෝග‍්‍රෑම් 10,000 ක් සමග පෙරලූණු මාළු ලොරිය නිසා මාන්කුලම් ජනතාවට වාසි

යාපනයේ සිට කොළඹ දක්වා මාලූ ප‍්‍රවාහනය කරමින් තිබූ ලොරියක් පසුගියදා වවුනියාව, මාන්කුලම ප‍්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන පෙරළී යෑම නිසා ලොරියේ තිබූ මාලූ කිලෝග‍්‍රෑම් 10,000 ක් පමණ පාර පුරා විසිරී ගොස් තිබිණ.

රාත‍්‍රියේ දී පාර හරහා ගිය ගවයකු බේරීම සඳහා ලොරිය පාරෙන් ඉවතට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී ලොරිය පෙරළී ගොස් ඇත. ලොරිය අනතුරට ලක්වීම නිසා ලොරියේ රියදුරු හා රියදුරු සහායකයා තුවාල ලබා ඇති අතර ඔවුන් වවුනියාව මහ රෝහලට ඇතුළත් කර තිබේ.

ලොරිය පෙරළීමෙන් පසුව මාලූ පෙට්ටි කැඩී මාර්ගය පුරා විසිරී ගිය මාළු ප‍්‍රදේශවාසීන්ට රැගෙන යන ලෙස ලොරි හිමියා විසින් දැනුම්දීම හේතුවෙන් ප්‍රදේශවාසීන් විසින් මාලු පෙට්ටි රැගෙන යාම සුලභ දසුනක් වී තිබුණි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button