BREAKING NEWSPOLITICS

මංගල විසින් සිංහල බෞද්ධයන්ට එරෙහි මඩ ප්‍රචාරණය නැවතත් අරඹයි!

පක්ෂ නායකයෙකු හෝ පත් කර ගැනීමට අපොහොසත් unp නඩය නැවතත් පෙර සේම මඩ ව්‍යාපාරයකට අත දමා ඇත. එහිදී පළමුවැන්න අමාත්‍ය විමල් වීරවංශ විවෘත කළ නාම පුවරුවක සිංහල වෙනුවට දමිළ අකුරු තිබෙන බවට වු පෝස්ට් unp වෙබ් අඩවි හරහා මෙන්ම ෆේස්බුක් පිටුව හරහා හුවමාරු කර ගැනීමයි.
අමාත්‍යවරයා නාම පුවරු සාදන්නෙකු නොවන බව ටොයියන්ට අමතක වී ඇත එයට පිළිතුර මේ වන විටත් ලැබී ඇත. ටොයියන්ගේ දෙවන මඩ ප්‍රහාරය වන්නේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරිය වන සීතා අරඹේපොලටයි එයත් කිසිදු තර්කානුකූල බවක් නැති පුහු මඩ ප්‍රචාරයකි.පසුගිය ජන්ද කාලය පුරාවටම,ජනාධිපති අපේක්ෂක ගොඨාභය රාජපක්ෂ මහතාට මඩ ගැසීමට යොදා ගත් වෙබ් අඩවියක් මෙම මඩ ප්‍රචාරයේ මුලිකත්වය ගනී. එහි සදහන් වන්නේ ආණ්ඩුකාරතුමිය රාජකාරි වෙලාව තුල වෛද්‍ය වෘත්තියේ නියැලෙමින් මුදල් උපයන බව යි.වෙන බෙහෙතක් නොව රට හදන බෙහෙතයි.මඩ ගැසීමට පෙර කරුණු සොයා බලන්නේ නම් ලැජ්ජා වීම වළක්වා වළක්වා ගත හැකියි වනු ඇත. ඇය ආණ්ඩුකාරවරියක් වීමට ප්‍රථම විශේෂඥ වෛද්‍ය වරියකි ඒ ඇයගේ වෘත්තියයි ආණ්ඩුකාරතුමිය වෛද්‍ය වෘත්තියේ නියැලීමට ව්‍යවස්ථාවෙන් කිසිදු තහනමක් නැත. තහනම ඇත්තේ වෙනත් රාජ්‍ය ආයතනයකින් වරප්‍රසාද බුක්ති විදීමයි.මඩ ගසන්න unp නඩය ආණ්ඩුකාරතුමිය ඇයගේ ආණ්ඩුකාර පණිවිඩය තේරුම් නොගෙන බැවින් මෙසේ මඩ ගසන්න බව විස්වාස කරමු.අදාල ප්‍රවෘත්තිය පළ කළ වෙබ් අඩවියේ හොදින් අවබෝධ කරගත හැකි යුත්තක් ඇත. එනම් අදාළ ආයතනය මඩ ව්‍යාපාර වලට වියදම් කරන පුද්ගලයා ද පාර්ලිමේන්තුවේ සිටිය නොහැකි බවයි.දයා ගමගේ,මංගල,රවී,පාඨලී,මලිත්,රාජිත,හරින්,සුජීව වැනි අය ද පාර්ලිමේන්තු යා නො හැකි වනු ඇත. මන්දයත් ඔවුන් අමු අමුවේ ව්‍යාපාරිකයින් වන බැවිනි.තවද ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව ඔවුන් පවසයි ව්‍යවස්ථාවේ අදාළ වගන්තිය හරි හැටි කියවලා අවබෝධ කර ගැනීමට තරම්වත් නුවණක් නැති බව ටොයියන් මනාව සනාථ කරයි. ආණ්ඩුකාරවරිය උදෑසන 10 ට බෙහෙත් කරන්නේ රෝහලේ නොව කාර්යාලයේ දී බව එහි යන අයට දැක ගත හැකි වනු ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button