GOSSIP NEWSVIRAL NEWS

මංගල පිම්මක් පනියි – සජිත් පිලෙන් රනිල් පිලට යයි

දිගින් දිගටම බුදු දහමට සහ මහා සංඝ රත්නයට අපහාස කළ මංගල සමරවීර මන්ත්‍රීවරයා පසුගියදා පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී වී තිබේ.

ඒ ඔහු මෙතෙක් නියෝජනය කළ එජාපගේ සජිත් ‌ප්‍රේමදාස මන්ත්‍රීවරයාගේ පාර්ශ්වය විසින් කෘත්‍යාධිකාරි මණ්ඩලය වර්ජනය කරනු ලැබ තිබියදීය.

ජනාධිපතිවරණ පරාජයෙන් පසු ඉකුත් කාලය පුරාම මංගල සමරවීර විදෙස්ගතව සිටි අතර එජාපයේ අභ්‍යන්තර රැස්වීමක් සදහා ජනාධිපතිවරණ පරාජයෙන් පසුව සමරවීර සහභාගී වූ පළමු අවස්ථාවද ‌මෙයයි.

ඒ මංගල සමරවීර විසින් බුදු දහම උදෙසා කළ විවේචන හේතුවෙන් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා ජනපතිවරණයෙන් පරාජය වූවා යැයි එජාපය තුලින්ම එල්ල වූ චෝදනා හේතුවෙනි.

ඒ අනුව අලුතින් පත් ‌‌‌කෙරුණු කෘත්‍යාධීකාරී මණ්ඩල රැස්වීමට සමරවීර  සහභාගී වී තිබු‌ණේ වික්‍රමසිංහ මන්ත්‍රීවරයාට සහාය පළකරමිනුයි.

බුදු දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් මංගල සමරවීර මන්ත්‍රීවරයාට එරෙහිව යළිත් චෝදනා නොකරන ලෙසද රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා මෙහිදී එජාප මන්ත්‍රීවරුන්ට සඳහන් කර තිබෙනවා.

එමෙන්ම එළඹෙන මහමැතිවරණයේදී මංගල සමරවීර මාතර දිස්ත්‍රික්කයෙන් එජාපය යටතේ තරග වැදීමට නියමිත බවත් වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button