BREAKING NEWSEXCLUSIVE
හමුදාපති ශවේන්ද්‍රට එරෙහිව ඇමෙරිකාවට තොරතුරු දී ඇත්තේ මංගල, චන්ද්‍රිකා සහ නිමල්කා

යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කිරීම සඳහා මූලික තොරතුරු ලබාදී ඇත්තේ පසුගිය රජය නියෝජනය කළ පිරිසක් විසින් බව පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියෝ පවසනවා.
හිටපු විදේශ ඇමැති මංගල සමරවීර, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, නිමල්කා ප්‍රනාන්දු සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙසේ තොරතුරු ලබා දී ඇතැයිද උන්වහන්සේ පැවසූහ.
ඔවුන් විසින් යුධ හමුදාපතිවරයාට එරෙහිව ලබාදුන් තොරතුරු ඇමෙරිකා එක්සත් ජනපදය විසින් විශ්වාසනීය තොරතුරු ලෙස සළකන බවත් මෙහිදි ප්‍රකාශ කෙරුණා.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ හිමියන් මේ අදහස් පල කරන ලදී.