හිටපු ජනපති මෛත්රිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාට වසර විස්සක සිර දඬුවම්

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කරන ලද අයි.එච්.කේ. මහානාම සහ එවකට රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ පුද්ගලික ලේකම් පියදාස දිසානායක යන දෙදෙනාට අධිකරණය විසින් අද දඬුවම් නියම කළා.
ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ව්‍යාපෘතියකට ජනපතිවරයාගේ එකඟතාවය ලබා දීමට රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගත්තේ යැයි චෝදනාවට වරදකරු කරමින් අද දිනයේ දඬුවම් නියම කර ඇත.
විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ඔවුන්ට දඬුවම් නියම කර ඇති අතර ඒ අනුව අයි.එච්.කේ. මහානාමට වසර 20 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක්ද, පියදාස දිසානායකට වසර 12 ක සිරදඬුවමක් ද නියම කර තිබේ.
එමෙන්ම අල්ලස් ගත් කෝටි දෙකක මුදල රජයට ගෙවන ලෙසද නියෝග කර ඇත. මෙම අල්ලස් ලබාගෙන ඇත්තේ කන්තලේ සීනි සමාගමට අයත් අබලි ද්‍රව්‍ය තොගයක් විකිණීම සඳහා ඉන්දියානු ව්‍යාපාරිකයෙකු ගෙනි.