BREAKING NEWSEXCLUSIVE

“මෛත්‍රි කිව්වේ බොරු – රෝයල් පාර්ක් වරදකරු නිදහස් කරන්න මන් ඉල්ලුවේ නෑ” ගාල්ල රදගුරුගෙන් නිවේදනයක්.!

රෝයල් පාර්ක්  වරදකරු වූ, කෝටිපති ව්‍යාපාරික පුත් ඇන්තනි ජූඩ් ජයමහට ජනපති සමාව හිමි වීම දැඩි ආන්දෝළනයට තුඩු දුන්නා.

ඉන්පසුව රෝයල් පාර්ක් වරදකරුට ජනපති සමාව ලබා දීම පිළිබඳව ජනපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කර සිටියා. එහිදී ජනපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ රෝයල් පාර්ක් වරදකරුට ජනපති සමාව ලබා දීමට ජනාධිපතිවරයා එවැනි තීන්දුවක් ගත්තේ පාර්ශව ගණනාවකගේ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව බවය.

එහිදී මෙලෙස ඉල්ලීම් සිදුකළ බවට දක්වා තිබු පාර්ශව අතරට ගාල්ල රදගුරු රේමන්ඩ් වික්‍රමසිංහ පියතුමන්ද සිටින බවට ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ සිංහල නිවේදනයේ සඳහන්ව තිබුනා.

කෙසේ වෙතත් රෝයල් පාර්ක්  චුදිතයාට සමාව ලබා දෙන ලෙස ඉල්ලා සිටි පිරිස අතර තමන්ද සිටින බවට සඳහන් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (11) නිකුත් කරන ලද නිවේදනය අසත්‍ය බවට ගාල්ල රදගුරු රේමන්ඩ් වික්‍රමසිංහ පියතුමන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

“ජූඩ් ශ්‍රමන්ත ජයමහා වෙනුවෙන් මම ජනාධිපතිවරයාගෙන් හෝ ගෞරවනීය අධිකරණයෙන් ඉල්ලීමක් කර නැති බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි” යැයි නිවේදනයක් නිකුත් කරමින් ගාල්ල රදගුරු රේමන්ඩ් වික්‍රමසිංහ පියතුමන් ප්‍රකාශ කර සිටිනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙන ආකාරයට තමන් චුදිතයාව නොහදුනන බවත් ඔහුගේ සිද්ධිය සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යයනයක් සිදුකර නොමැති බවට මෙහිදී ගාල්ල රදගුරුතුමන් සිය නිවේදනයේ සඳහන් කර සිටියි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button