BREAKING NEWSEXCLUSIVEPOLITICS

ආණ්ඩුව කියන දේ අහන්න එයාලා අපේ බාප්පලද? – මෛත්‍රීපාල

ආණ්ඩුව කියන දේ අසා සිටීමට ඒ අය ‌අපේ බාප්පලාදැයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඔහු ඒ බව පෙන්වා දුන්නේ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙනි.

කුට්ටිආරච්චි මහතා කියා සිටියේ තාච්චියට අවශ්‍ය ලෙස ආප්පය හැසිරිය යුතු බවත්, ආප්පයට අවශ්‍ය පරිදි තාච්චිය නොහැසිරෙන බවයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා ආප්ප කා පසුවදා ආණ්ඩුවෙන් එළියට බැස්ස බව ප්‍රසිද්ධ දේශපාලන රහසකි..

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button