BREAKING NEWSEXCLUSIVE
ගෝඨාභයට රට පාලනය කරන්න මගේ දැනුම ලබා දෙනවා – මෛත්රීපාල සිරිසේන

වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රට ඉදිරියට ගෙන යාම සඳහා තම දැනුම සහ අත්දැකීම් ලබාදෙන බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසනවා.
එම මිත්රත්වය සංකේතවත් කරමින් එළඹෙන මහ මැතිවරණයට තරග කරන්නේ ශ්රීලනිපය සහ පොහොට්ටුව ඇතුලවත් සියලු පක්ෂ එකතුව පොදු පෙරමුණක් ලෙස බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසනවා.
ඒ සම්බන්ධයෙන් දැනටමත් සාකච්ඡා කර තීන්දු කර අවසාන යයිද හිටපු ජනපතිවරයා කියා සිටියේය.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ උත්සව සභාවක් අමතමිනි.