BREAKING NEWSEXCLUSIVE

විපක්ෂ නායක ධූරය භාර ගන්නැයි සජිත්ගෙන් මෛත්‍රීපාල සිරිසේනට ඇරයුමක්

20 වැනිදා කැඳවන නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමගි ජන බලවේගය පාර්ශවයෙන් ආරාධනා කර ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයට හිතවාදී සමාජ මාධ්‍ය ජාලාවල මෙම වාර්තා පලව ඇත්තේ සජිත් ප්‍රේමදාස සහ මෛත්‍රීපාල සිරිසේන අතර මේ සම්බන්ධයෙන් දුරකථන මාර්ගයෙන් සාකච්ඡා සිදුවී ඇති බවයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළම ප්‍රකාශකයෙකු පැවසුවේ එවන් කිසිදු සාකච්ඡාවක් සිදුවී නැති බවත් පලවන වාර්තා ප‍්‍රතිෙක්‍ඹප කරන බවත්ය. විපක්ෂයට යාමේ කිසිදු අදහසක් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ හිටපු ජනාධිපතිවරයාට නොමැති බවත් ඔහු සදහන් කලේය.

සජිත් ප්‍රේමදාස සහ මෛත්‍රීපාල සිරිසේන අතර කිලී මහරාජා හරහා හොද දේශපාලන මිතුදමක් පවතින අතර පසුගිය ජනපතිවරණයේදීද ශ්‍රීලනිපය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දෙද්දී, එහි සභාපති මෛත්‍රීපාල සිරිසේන ස්වාධීනව කටයුතු කළේය.

සබැඳි පුවත් :

විපක්ෂයේ තනතුරක් වෙනුවෙන් කිරිඇල්ල, කබීර්, පාඨලී, හර්ෂ සටනක

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button