දේශපාලන කරළියේ මෛත්‍රී තනි වේ – පවුලේ සාමාජිකයන් සමග එංගලන්තයට යන්න සුදානම්

ශ්‍රීලනිප සභාපති හා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් උදෙසා සූදානම් කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයකට ශ්‍රීලනිපයේ කිසිදු මන්ත්‍රීවරයකු සහභාගි නොවූ බව වාර්තා වේ.
මෛත්‍රීපාල සිරිසේනගේ සොහොයුරු ඩඩ්ලි සිරිසේනට අයත් පොලොන්නරුව සුදු අරලිය හෝටලයේදී පැවති මෙම රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු හැර වෙනත් කිසිවෙකු පැමිණ නොසිටි බව සඳහන්.
තවද ශ්‍රීලනිප ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ කිසිදු මන්ත්‍රීවරයෙක් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දුරකථන ඇමතුමකට හෝ ප්‍රතිචාර නොදක්වන බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටියි. ශ්‍රීලනිප ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් පාර්ලිමෙන්තුවෙන් ඉවත් කොට ඒ වෙනුවට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිවරයාට අවශ්‍යව තිබුණි.
මේ හේතුවෙන් දේශපාලනික හුදකලා වී සිටින හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන සිය පවුලේ සාමාජිකයන් සමගින් මාස කිහිපයකට විදේශ ගතවීමට සූදානම් වෙමින් සිටියි.
දීර්ඝ කාලීන නිවාඩුවක් ගත කිරීම සදහා ඔහු එංගලන්තය බලා යාමට සැලසුම් කර ඇති අතර ඉදිරියේදී දේශපාලනය කරන ආකාරය ගැන එම කාලයේදි තීන්දු කරනු ඇතැයිද වාර්තා වෙයි.