BREAKING NEWSEXCLUSIVE

කෝටි 800කට වඩා වටිනා කොළඹ 7 ජනපති නිල නිවස සින්නක්කර ඉල්ලා මෛත්‍රීගෙන් කැබිනට් පත්‍රීකාවක්

ශ්‍රී ලංකා ජනරජයේ විධායක ජනපතිගේ කොළඹ 7 නිල නිවස වන, පැජට් පාරේ පිහිටි ජනපති නිල නිවස තමන් විශ්‍රාම ගිය පසු තමන්ට සින්නක්කර අයිතියට ලබා ගැනීමට මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

ඇමෙරිකාවේ වයිට් හවුස් මන්දිරය මෙන් මෙම ජනපති මන්දිරය මෙරට ජනපතිවරයාගේ නිල නිවස වන අතර විශ්‍රාම ගිය පසු ජනපතිවරයා නව ජනපතිවරයාට එම නිවස භාර දිය යුතුය. කෙසේ වෙතත් තමන් විශ්‍රාම ගිය පසු මෙම නිවස තමන්ටම ඉල්ලා මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.

විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට නිල නිවසක් සඳහා හිමිකම් පවතින බැවින් තමන් දැනට භාවිතා කරන නිවසම ඒ සඳහා ලබාගැනීම ජනාධිපතිවරයාගේ අරමුණ වී තිබේ. මෙම නිල නිවස පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ඉඩම් මිල අධිකම, විකිණීමට නව ඉඩම් සොයා ගැනීමට අපහසු සුපිරි කොළඹ 7 පැජට් පාරේය.

කොළඹ 7 නිවාස හිමි පැළැන්තිය අධිරාජ්‍යවාදී සමයේ සිට මෙරට සාම්ප්‍රදායික ධනවතුන් සහ ප්‍රභූ පන්තිය වේ. මෑතකදී ධනවත් වූ සුපිරි ධනවතෙකුට පවා කොළඹ 7 ඉඩමක් මිලට ගැනීමට ඉතා අසීරූ එම සීමාවේ ඉඩම් හිමි ධනවතුන් හා ප්‍රභූවරුන් සිය දේපළ විකිණීම සිදු නොකරන නිසාය.

සාමාන්‍යයෙන් කොළඹ 7 ඉඩමක එක් පර්චසයක වටිනාකම මේ වනවිට කෝටි පහ ඉක්මවයි. එම නිසා අතිශය වටිනාකමකින් යුත් මෙම නිල නිවස සහ ඉඩම තමන්ට සින්නක්කරව පවරා ගෙන සුපිරි ප්‍රභු පැළැන්තියට එක්වීම, පොළොන්නරුවේ සිට පැමිණි ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ අරමුණ වී තිබේ.

මෙරට සහල් මාෆියාවම පාලනය කරනා ඩඩ්ලි සිරිසේනටද කොතරම් ධනවත් වූවද කොළඹ හත ප්‍රදේශයෙන් ඉඩමක් මිලට ගැනීමට නොහැකි විය. එම නිසා සිරිසේන පවුල සිය පවුලට නොමැති පාරම්පරික ප්‍රභූත්වය ආරෝපනය කර ගැනීමට පොදු දේපළක් වන මෙම විශාල මන්දිරය මෙලෙස සිය පවුලට සින්නක්කරව ලබා ගැනීමට කටයුතු කරමින් සිටියි.

මෙම කොළඹ 07 පැජට් පාරේ නිල නිවස ඇමති නිවාස ඒකක දෙකක් එක් කර තැනූ විශාල සහ ජනාධිපතිවරයකුගේ භාවිතය වෙනුවෙන්ම රුපියල් කෝටි ගණනක වියදමින් නවීකරණය කළ, අතිශය සුඛෝපභෝගි නිවසකි.

මීළග කැබිනට් රැස්වීමේදි පැජට් පාරේ නිල නිවස මෛත්‍රීපාල සිරිසේන මහතාට සින්නක්කරව පැවරෙන යෝජනාව ඒකමතිකව සම්මත වීමට නියමිතව තිබේ. අගමැතිවරයා හෝ කිසිදු එජාප කැබිනට් ඇමතිවරයෙක් එම යෝජනාවට එරෙහි වී නැත.

මෙහි ඉඩමේ සහ නිවසේ සම්පූර්ණ වටිනාකම රුපියල් කෝටි 800 ඉක්මවන බව දේපළ තක්සේරුකරුවන් පෙන්වා දෙයි.

මෛත්‍රිපාල සිරිසේන ජනපති වීමට පෙර පොරොන්දු වූයේ තමන් රාජ්‍ය පාලනය සඳහා සුපිරි මන්දිර භාවිතා නොකර, පොළොන්නරුවේ සිය නිවසේ සිට රාජ්‍ය පාලනය මෙහෙයවන බවයි.

එලෙස පොරොන්දු වූ මෛත්‍රීපාල ජනපතිවරයා මෙරට පොදු දේපළක් වන කොළඹ හත ජනපති නිල නිවස, විශ්‍රාම යෑමෙන් පසුවත් තමන්ට සහ සිය පවුලට සින්නක්කරව ලබා ගැනීම ඉතා නින්දිත ක්‍රියාවක් බව අප හැගීමයි.

ශිෂ්ඨ ලෝකයේ නම් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපතිවරයා විසින් තමන් විශ්‍රාම ගිය පසු ඇමෙරිකාවේ වයිට් හවුස් මන්දිරය තමන්ගේ පුද්ගලික අයිතියට පවරා ගැනීමට නියෝගයක් නිකුත් කළා නම් එය දැඩි විවේචනයටත්, හාස්‍යයටත්, ගැරහීමටත් ලක් වනු ඇත. නමුත් ආත්මාර්ථකාමී දේශපාලකයන්ගෙන් යුත් ශ්‍රී ලංකාවේ අගමැතිවරයා හෝ කිසිදු ඇමතිවරයෙක් මැතිවරණය සම‍යේ ජනපතිවරයාගෙන් ලැබෙනා දේශපාලන සහය හේතුවෙන් මෙම යෝජනාවට විරුද්ධ නොවී සිටීම පුදුමයක් නොවේය.

Related Articles

One Comment

  1. I could remember how you all expelled me for nothing If you can do nothing all could be awy from a person becomr novalue

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button