BREAKING NEWSEXCLUSIVE

“ජනතාවට රහසේ ගිවිසුම් අත්සන් නොකරනු” MCC ගිවිසුමට එරෙහිව විපක්ෂ නායක මහින්ද සටන අරඹයි

ඇමෙරිකා එක්සත් ජනපදය සමග අත්සන් කිරීමට නියමිත ආන්දෝළනාත්මක MCC ගිවිසුම පිළිබඳව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහිදී විපක්ෂ නායකවරයා පෙන්වා දී ඇත්තේ මහජනතාවට සහ පාර්ලිමේන්තුවට තොරතුරු හෙළි නොකර මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට අත්සන් තැබීම සිදු නොකළ යුතු බවය.

එවැනි ගිවිසුමකට රජය එළඹෙන්නේ නම් එය සිදුවිය යුත්තේ ජනාධිපතිවරණයෙන් පසුව බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අවදාරනය කර තිබේ.

එම ගිවිසුමේ අන්තර්ගතය කුමක් දැයි මහ ජනතාව හෝ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් පවා නොදන්නා බව විපක්‍ෂ නායකවරයා සිය නිවේදනයේ දක්වා තිබෙනවා.

මෙම ගිවිසුම අත්සන් කිරීමට පෙර එහි පිටපත ජනතාවගේ දැන ගැනීම සදහා ප‍්‍රසිද්ධියට පත් කළ යුතු බවත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයටද ලක් කළයුතු බවද විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පෙන්වා දෙනවා.

එම ගිවිසුමෙන් ශී‍්‍ර ලංකාවට සෙතක් සැලසෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් මෙතරම් රහස්‍ය බවක් පවත්වාගෙන යන්නේ කුමකටදැයි යන්න සාධාරණ සැකයක් පවතින බවයි විපක්‍ෂ නායකවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

මෙම MCC ගිවිසුම හරහා ශ්‍රී ලංකාවේ ඉඩම් හෙක්ටයාර ලක්ෂ 12ක පරිපාලන සම අයිතිය ඇමෙරිකානු සමාගමකට පැවරෙන අතර එය ඇමෙරිකාව විසින් සැපයුම් කඳවුරක් ඉදි කිරීමට සුදානම් කර තිබෙනා ත්‍රිකුණාමලය වරාය ඔස්සේ කොළඹ වරාය දක්වා දිවෙනවා.

ජනපතිවරණයක් අභියස ඇමෙරිකානු ඔත්තු සේවා වලින් සිදුවිය හැකි බලපෑම නොතකා මවුබිම වෙනුවෙන් සිය යුතුකම ඉටුකළ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය.

විපක්ෂනායකවරයාගේ නිවේදනය පහතින්,

 

 

MCC ගිවිසුමෙන් ඇමෙරිකානු ආර්ථික කොරිඩෝව නිර්මාණය වන හැටි

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button