මහින්ද සංවේදී වෙයි – සන්දීප් වෛද්‍ය ඒලියන්ත වයිට් හමුවට

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ ජීප් රථයේ ගැටී 2016 වසරේදී හදිසි අනතුරට පත්වූ සංදීප් සම්පත්ගේ මව්පියන් සිදුකළ ඉල්ලීම අද ඉටු වුනා.
ඒ, සංදීප්ගේ ප්‍රතිකාර සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ දැනුවත් කිරීම මත වෛද්‍ය එලියන්ත වයිට් සම්බන්ධවීමත් සමඟයි.
දින 15ක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ සංදීප් තවත් මාස 6ක කාලයක් රෝහල් ගතව ප්‍රතිකාර ලැබුවා.
අනතුර සිදුවී වසර 4කට ආසන්න කාලයක් ගත වී ඇතත් සංදීප් පිළිබදව කිසිවෙකුගේ අවදානය යොමු නොවී ඇති බවට මීට දින දෙකකට ඉහත දී අප රටට පෙන්වා දුන්නා.
ඒ පිළිබදව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ අවදානය යොමු වුණා.
ඒ අනුව අග්‍රාමාත්‍යවරයා සිය වෛද්‍යවරයා වන එලියන්ත වයිට්, සංදීප් සම්පත්ට සම්බන්ධ කිරීමට කටයුතු කර තිබුණේ අද පෙරවරු 9ට පමණයි.
ඒ අනුව සංදීප් ඔහුගේ දෙමව්පියන් සමඟ වෛද්‍ය එලියන්ත වයිට් හමුවීමට පැමිණියේ කෙසේ හෝ තම දරුවා සුව කර ගැනීමේ අරමුණින්.
එහිදී සංදීප වෛද්‍ය එලියන්ත වයිට්ගේ පරීක්ෂාවට ලක්වූ අතර, වෛද්‍යවරයා එහිදී සදහන් කළේ සංදීප් යළි යථා තත්ත්වයට පත් කිරීමට හැකියාවක් පවතින බවයි.