BREAKING NEWSEXCLUSIVE
මෛත්රීගේ උකුසු කතාවට මහින්දගෙන් සැර උත්තරයක්

හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන විසින් ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් රාජ්ය බලය ලබා ගැනීම සම්බන්ධයෙන් සිදු කළ උකුසු කතාවට එරෙහිව පොහොට්ටු පාක්ෂිකයන් හා ක්රියාකාරිකයන් අතර දැඩි අප්රසාදයක් ඇතිව තිබේ.
මෙම ප්රකාශයට පසුගියදා අගමැති මහින්ද රාජපක්ෂ මහතාද පිළිතුරු දුන්නා.
එහිදි අගමැතිවරයා සදහන් කළේ පසුගිය ආණ්ඩු සමයේදී ඇතැම් අය උකුස්සන් වීමට උත්සාහ කිරීම නිසා පීඩාවට පත්වූයේ ජනතාව බවයි. පැවති එම ආණ්ඩුවේ ජනාධිපති අගමැතිට පක්ෂ නොවුන බවත්, අගමැති ජනාධිපති පක්ෂ නොවූ බවත් අගමැතිවරයා කියා සිටියේය.
ඒ හේතුවෙන් රටට සේවයක් වුණේ නැතැයිද අගමැති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.