මීට වඩා හොද අමාත්‍යංශයක් බලාපොරොත්තු වුනා – පරිසර ඇමති මහින්ද අමරවීර

පරිසර කැබිනට් අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ දින බත්තරමුල්ල සොබාදම් පියසේ පිහිට් පරිසර අමාත්‍යංශයේදි වැඩ භාරගත්තා.
සුභ මොහොතින් පැළයක් රෝපනය කරමින් අමාත්‍යංශයේ වැඩ ඇරඹූ මහින්ද අමරවීර අමාත්‍යවරයා පසුව මාධ්‍යවේදීන්ද ඇමතූවා.
මෙම අවස්තාවට පරිසර අමාත්‍යංශ ලේකම් ලෙස පත්වූ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහාතාද එක්ව සිටියා.
මෙහිදී වැඩ භාරගැනිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමතිවරයා පැවැසුවේ තමා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ ජනාධිපතිවරන ජයග්‍රහණය වෙනුවෙන් සුව්ශේශි දායකත්වයක් ලබාදුන් නිසාවෙන්ම ජනතාවට වැඩි සේවයක් කල හැකි ප්‍රබල අමාත්‍යංශයක් බලාපොරොත්තු වූ බවයි.
කෙසේ වෙතත් මෙම ලද අමාත්‍යංශයේන් උපරිම සේවයක් ඉටු කරමින් දකුනු අසියාවේ පිරිසිදුම හා අලංකාරවත්ම පරිසරය ඇති රට බවට ශ්‍රී ලංකාව පත් කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසූවා. තවද සදුන් ගස කපන්න කපන්න සුවද හමන්නා සේ තමාද ව්ව්ධ බාදා හමුවේ වූවද වඩාත් ශක්තිමත් ඉදිරියට යන බව ඇමතිවරයා වැඩිදුරටත් අදහස් දක්වම්න් පැවසීම විශේෂත්වයකි.