BREAKING NEWSEXCLUSIVEPOLITICSVIRAL NEWS

අගමැති මහින්ද හදිසි සැත්කමක් හේතුවෙන් ‍රෝහල් ගත කරයි..!

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හදිසි සැත්කමක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර තිබෙනවා.

ඒ අනුව පෙර සැලසුම් කළ සැත්කමක් වෙනුවෙන් ඊයේ කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට එතුමා ඇතුළත්ව තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලයට සමීප ආරංචි මාර්ග සඳහන් කළේ මෙහිදී මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ මුඛයේ සුළු සැත්කමක් සිදුකළ බවයි.

කෙසේ වෙතත් මෙම සැත්කමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළා.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයාගේ කොඳු ඇට පෙළෙහි සිදුකළ සැත්කමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා සත්‍යයෙන් තොර බවයි පැවසෙන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button