BREAKING NEWSCRICKETEXCLUSIVEGOSSIP NEWSSPORTSVIRAL NEWS

ජාතික කණ්ඩායමේ පුහුණුකාර ධූරය මහේල ජයවර්ධන ප්‍රතික්ෂේප කරයි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය තමන්ට බාර ගැනීමට නොහැකි බව සදහන් කරමින් එය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.

මීට පෙර පැවති සංවාදයකදී ඔහු පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ නොව ඕනෑම රටක ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරය භාර ගැනීමට තමන් මේ අවස්ථාවේ සූදානම් නැති බවත් ඒ සඳහා වැය කිරීමට තරම් කාලයක් තමන්ට නොමැති බවයි. තමන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ සති තුනක පමණ කාලයක් පමණක් යයිද ඔහු සඳහන් කළා.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස සහාය දීමට සූදානම් බවත් දැන්ද එම කටයුත්ත සිදු කරන බවත් ඔහු පැවසීය. නමුත් තමන් 19න් පහල කණ්ඩායම සමග වැඩි වශයෙන් කටයුතු කිරීමට සූදානම් බවත් ඒ බව බලධාරීන්ට දැනුම් දී ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

තවද ඔහු ඔක්තෝම්බර් මාසයේ සිට 19න් පහල කණ්ඩායම හා උපදේශකයෙක් වශයෙන් එක්වන බවට අරවින්ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button