
ශ්‍රී ලංකාවේ සුපිරි වේග පන්දු යවන කී‍්‍රඩක ලසිත් මාලිංග එංගලන්තයේ පැවැත්වීමට නියමිත ‘ද හන්ඩ්රඞ්’ කි‍්‍රකට් තරගාවලිය සඳහා එක්වීමට නියමිත බව වාර්තා වේ.
ලබන වසරේ ජූලි මාසයේ ආරම්භ වීමට නියමිත මෙම පන්දු සියයේ තරගාවලිය සඳහා කණ්ඩායම් 8ක් තරග වැදීමට නියමිතය.
එංගලන්ත කි‍්‍රකට් ආයතනය මගින් සංවිධානය කරන මෙම ‘ද හන්ඩ්රඞ්’ තරගාවලිය සඳහා මාලිංගට අමතරව ඔයින් මෝගන්, කේන් විලියම්සන්, කි‍්‍රස් ගේල්, ස්ටීව් ස්මිත්, ශකීබ් අල් හසන් සහ තවත් නම් දැරූ ජාත්‍යන්තර කී‍්‍රඩකයින් රැසක් සහභාගිවීමට නියමිතය.
මේ අතර ‘ද හන්ඩ්රඞ්’ තරගාවලිය සඳහා පුහුණුකරුවෙකු ලෙස ශී‍්‍ර ලංකා හිටපු කි‍්‍රකට් නායක මහේල ජයවර්ධනද කටයුතු කිරීමට නියමිතය. එහිදී ඔහු ‘ද හන්ඩ්රඞ්’ තරගාවලියේ කණ්ඩායමක් සඳහා පුහුණුකරුවෙකු ලෙස සේවය ලබා දීමට සූදානම් බව වැඩිදුරටත් වාර්තා වේ.