GOSSIP NEWSVIRAL NEWS

වස බෝතල් දමා ඇත්තේ සාක්ෂි වසන් කරන්න – මහරගම අඹු සැමි යුවලගේ මරණය ඝාතනයක්

මහරගම නාවින්න ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක උඩු මහලකින් හමුවූ අඹුසැමි යුවලගේ මරණ ඝාතනයක් බව හෙළිව තිබේ.

එම මියගිය පුද්ගලයන් දෙදෙනාගේ සිරුරු අසල හිස් වස බෝතල් දෙකක්ද හමුව තිබුනා.

එනමුදු හිසට හා ගෙලට තියුණු ආයුධයකින් පහර දීමෙන් මරණය සිදු වී ඇතැයි දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.

මියගොස් තිබෙන්නේ වයස අවුරුදු 40ක් හා 39ක් වන අඹු සැමි යුවලක්.

මහරගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. තවමත් කිසිඳු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නැහැ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button