BREAKING NEWSEXCLUSIVE

“එතුමන්ලා ජීවිතේ පූජා කළේ අපි ගැන” කොටි ත්‍රස්තයන් ගැන යාපනයේ සරසවි සිසුන්ගෙන් අමුතු කතාවක්.!

තිස් වසරක් පුරා මෙරට භීෂණය වැපිරු කොටි ත්‍රස්තවාදය හේතුවෙන් ජීවිත අහිමි වූ රණවිරුවන් හා සිවිල් වැසියන් ප්‍රමාණය දස දහස් ගණනකි.

මෙරට ආර්ථික මර්මස්ථාන වලට මෙන්ම බස් රථ වලට පවා බෝම්බ ප්‍රහාර එල්ල කරමින් මෙරට ජනතාව අමු අමුවේ ඝාතනය කළේ කොටි ත්‍රස්තවාදීන් විසින්.

එම කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව මානුෂීය මෙහෙයුමක් දියත් කරමින්ට ත්‍රස්තයන්ට යුධමය පරාජයක් අත් කර දී උතුරු නැගෙනහිර මෙන්ම සම්පූර්ණ රටේම ජනතාව ත්‍රස්ත භීෂණයෙන් ගලවා ගැනීමට විරෝධාර රණවිරුවන් සමත් වුනා.

එහිදි ත්‍රස්ත නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ද විනාශ කර දැමීමට රණවිරුවන් සමත් වුනා.

උතුරේ දරුවන්ගේ ගෙලෙහි සයනයිඩ් කරලක් බැද තුවක්කුවක් ලබා දී සිය දරුවන්ට සුඛෝපභෝගි ජීවිතයක් ලබා දුන් ම්ලේච්ඡ ත්‍රස්ත නායක ප්‍රභාකරන්ගේ උපන්දිනය ඊයේ යෙදී තිබුණා.

මෙහිදී ප්‍රභාකරන්ගේ උපන් දිනය නිමිති කරමින් මිය ගිය කොටි ත්‍රස්තයන් සමරන මහා විරු සැමරුම ඊයේ යෙදී තිබුණා. මෙරට තහනම් සංවිධානයක් වන කොටි සංවිධානයට සම්බන්ධ කිසිදු සැමරීමක් හෝ උත්සවයක් මෙරට නීතියට අනුව කළ නොහැකියි. එය දඬුවම් ලැබිය හැකි වරදක් වනවා.

කෙසේ වෙතත් මෙම තහනම නොතකමින් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් කණ්ඩායමක් මිය ගිය කොටි ත්‍රස්තයන් සමරා තිබුනා. ඒ සම්පූර්ණ විශ්ව විද්‍යාල පද්ධතියෙන්ම සිංහල ශිෂ්‍යයන් ඉවත් කරමින්, විශ්ව විද්‍යාලය පරිශ්‍රයම වසා දමමින්.

ශ්‍රී ලංකා නීතියෙන් තහනම් ත්‍රස්තවාදී සංවිධානයක සැමරුම් උළෙලක් සිය සරසවි භූමියේ පැවැත්වීමට ඉඩ දීම තුලින් යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපති ඇතුලු පාලක මණ්ඩලයේද සහය ලැබී ඇත්දැයි සොයා බැලිය යුතු බවට චෝදනා එල්ල වෙනවා.

කෙසේ වෙතත් මෙම කොටි සැමරුම පිළිබඳ යාපනය විශ්ව විද්‍යාලයේ ෆේස්බුක් පිටුව මගින් සටහනක් තබා තිබුනා. එහි දක්වා තිබුනේ මෙලෙසට මිය ගිය පුද්ගලයන් තමන් වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ පුද්ගලයන් බවයි.

එම ෆේස්බුක් සටහන පහතින්,

“අපි මෙලෙස මහ විරු දිනය සිහිපත් කරනුයේ රට අල්ලා ගැනීමට නොව.
ඔබලාට එරෙහිව ආයුධ අතට ගත් බව සිහිකිරීමට ද නොව.
ඔබත් සමඟ අපට ගැටුම් තිබෙන බව ද සිහිකරන්න නොව.

ඔවුන් අපේ දරුවන්ය.
ඔවුන් අපේ සහෝදරයින්ය.
ඔවුන් අපගේ මිතුරන්ය.

ඒ සෑම දෙයකටම වඩා ඔවුන් අප වෙනුවෙන් ජීවිත කැප කළ මිනිසුන්ය.

ඔබ ඔවුන්ව විරුවන් ලෙස පිළි ගත යුතු නැත.
ඔබ ඔවුන්ට වන්දනා මාන කළ යුතු නැත.

එහෙත් ඔවුන් කෙරෙහි අප හද තුළ ඇත්තේ භක්තියක් නැතිනම් ගරුත්වයක් බව පිළිගන්න. එයම පමණක් අපට ප්‍රමාණවත්ය.

එතුමන්ලා අපි වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු පිරිසක් බවට වන සත්‍ය පිළිගත් අප හදවත් බිඳ නොහරින්න.

මේ යතාර්ථය තේරුම් ගත් විට අප රටේ හිරු උදාකර දීමට අහස සුදානම් වනු ඇත.”

මින්පෙර දෙමළ දේශපාලන පක්ෂ සඳහා ජනපතිවරණයට සහය දීම සදහා ජාතිවාදී කොන්දේසි 13ක් ඉදිරිපත් කළේද යාපනය සරසවි සිසුන් විසිනි. එහිදි උතුරු නැගෙනහිර සියලුම සිංහල වැසියන් එලවා දැමීම වැනි ජාතිවාදී යෝජනාද එහි අඩංගු වූවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button