GOSSIP NEWSVIRAL NEWS

මහ විරු සැමරුමට ප්‍රභාගේ රූප බෙදූ දෙදෙනෙකුට වැඩ වරදියි – පොලිස් අත්අඩංගුවට .!

එල්.ටී.ටි.  මහ විරු සමරුව වතුකරයේ පවත්වන ලෙස ප්‍රභා කරන්ගේ ඡායාරූපය සහිතව අත් පත්‍රීකා මුද්‍රණය කර වතුකරයේ බෙදා හැරී තරුණයින් දෙදෙනෙක් බගවන්තලාව පොලීසිය මගින් ඊයේ(27) රාත්‍රියේ සැක පිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලීසිය පවසනවා.

බගවන්තලාව ටින්සින් නගරයේ දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයකින් අදාල අත් පත්‍රිකා පරිගණකයක් ආධාරයෙන් සකස් කර මුද්‍රණය කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

මුද්‍රණය කරන ලද පිටපත් ගණනාවක් සැකකාර තරුණයන් දෙදෙනා විසින් බෙදා හැර ඇති බවත්, බෙදා හැර තිබූ අත් පත්‍රිකා කිහිපයක් පොලිස් භාරයට ගත් බවයි බගවන්තලාව පොලිසිය පැවසුවේ.

අදාල අත් පත්‍රිකා මුද්‍රණය කල පරිගණක, උපාංග සහ දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයේ හිමිකරුවද සැක පිට අත්අඩංගුවට ගත් බවත්, අත්අඩංගුවට ගත් සැක කරුවන් තිදෙනා අවුරුදු විස්සත් හතලියත් අතර වයස් කාණ්ඩ වල පසුවන අය බවත් සැකකරුවන් බගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි ‍පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව බගවන්තලාව පොලීසිය පැවසීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button