BREAKING NEWSEXCLUSIVE

මෙරට භූමියෙන් හෙක්ටයාර ලක්ෂ 12ක් ඇමෙරිකාවට ලබා දෙන MCC ගිවිසුමට මහා සංඝ රත්නයෙන් හා කාදිනල්තුමාගෙන් විරෝධය

ඇමෙරිකා එක්සත් ජනපදය සමග අත්සන් කිරීමට නියමිත ආන්දෝළනාත්මක MCC ගිවිසුම පිළිබඳව තෛනිකායික මහනාහිමිවරුන් විරෝධය පළ කරනවා.

මේ සම්බන්ධයෙන් ඉකුත් මැයි මස 31 වනදා පැවති සාකච්ඡාවකදී අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයද ප‍්‍රකාශ කර සිටියේ මෙවැනි ගිවිසුමකට එළඹෙන්නේ නම් ඒ පිළිබද ජනතාවගේ පොදු මතය විමසිය යුතු බවයි.

MCC ගිවිසුම පිළිබඳව ඊයේ දින (31) ජාතික සංවිධාන නායකයන් මහනාහිමිවරුන් හමුවූවා. ඒ අවස්තාවේ මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිබුල්කුඹුරේ විමලධම්ම මහනාහිමියන් ප්‍රකාශ කළේ  “මේ කට්ටිය අපි කියන දේ පිළිගත්තේ නැති නම් අපි මොකද කරන්නේ, නඩු මාර්ගයට යනවද, මොකද කරන්නේ. අපි කිව්වත් ඒ කට්ටියගේ මනාපේ ඒ කට්ටිය කරන්නේ. අවුරුදු පහකට බලය දීලා තියෙන කට්ටියක් අවුරුදු 200කට කොහොමද මෙහෙම දෙන්නේ, මොකක්ද මේ රටේ නීතිය” යනුවෙනි.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් පෙන්වා දී ඇත්තේ රටේ ඉඩම් සම්බන්ධ බැරැරුම් වෙනස්කම් ඇති මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට ජනමතය නොවිමසා අත්සන් තැබීම භයානක ප‍්‍රතිඵල ගෙන දිය හැකි බවය.

මෙම MCC ගිවිසුම හරහා ශ්‍රී ලංකාවේ ඉඩම් හෙක්ටයාර ලක්ෂ 12ක පරිපාලන සම අයිතිය ඇමෙරිකානු සමාගමකට පැවරෙන අතර එය ඇමෙරිකාව විසින් සැපයුම් කඳවුරක් ඉදි කිරීමට සුදානම් කර තිබෙනා ත්‍රිකුණාමලය වරාය ඔස්සේ කොළඹ වරාය දක්වා දිවෙනවා.

MCC ගිවිසුම හරහා කොළඹ වරාය හා ත්‍රිකුණාමල වරාය යා කරමින් ඇමෙරිකානු ආර්ථික කොරිඩෝව දිවෙන අයුරු, මෙහි කොරිඩෝවට පහතින් ඇති කොටස සවුත් ශ්‍රී ලංකා ලෙසද ඉහළින් ඇති කොටස නෝර්ත් ශ්‍රී ලංකා ලෙසඳ හැදින්වේ.

 

කාදිනල්තුමාගේ නිවේදනය

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button