BREAKING NEWSEXCLUSIVE

ශ්‍රී ලංකාවට තවත් ලෝක ශූරතා බලාපොරොත්තුවක් – ලූෂන් අද ඇමෙරිකා යයි

ඇමෙරිකාවේ පැවැත්වෙන IFBB Pro Arnold Classic Amateur 2020 තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා කායවර්ධන කී‍්‍රඩක ලූෂන් පුෂ්පරාජ් අද (18) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව තිබේ.

ඒ අනුව අදාළ තරගාවලියේදී ලූෂන් පෂුපරාජ් විසින් කිලෝ ග‍්‍රෑම් 100 බර පන්තිය නියෝජනය කරමින් තරග වැදීමට නියමිත අතර IFBB Pro Arnold Classic Amateur 2020 තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෙකු සහභාගි වන පළමු අවස්ථාව මෙය වේ.

ආසියාවේ කලූ සිංහයා ලෙස විරුදාවලිය ලත් ලූෂන් පුෂ්පරාජ් 2018 වසරේදී තායිලන්තයේදී පැවැති 10 වැනි ලෝක ශූරතා කායවර්ධන ශූරතාවලියේදී රටවල් 52ක් අභිබවමින් ශූරතාව දිනා ගැනීමට සමත් විය. එය ශී‍්‍ර ලංකා කායවර්ධන කී‍්‍රඩකයෙකු ලෝක ශූරතාවක් දිනූ පළමු අවස්ථාව ලෙසින් වාර්තා ඉතිහාසයට එක් විය.

මීට අමතරව වියානා නුවර පැවැති 09 වැනි ජාත්‍යන්තර කායවර්ධන ශූරතාවලියේදී රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූ ලූෂන් යූරෝපීය රටකදී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් පදක්කමක් දිනූ පළමු කායවර්ධන ශූරයා බවටද පත් විය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button