BREAKING NEWSEXCLUSIVEPOLITICS

ලිහිසි තෙල් පිරිපහදුවෙන් බිලියන තිහක ආදායමක්

මෙරටට ගෙන්වන ලිහිසි තෙල් මෙට්‍රික් ටොන් හැටදහසකට අධික ප්‍රමාණයක් පාවිච්චි කිරීමෙන් පසු නැවත පිරිපහදු කර අපනයනය කිරීමෙන් වාර්ෂිකව රුපියල් බිලියන තිහක පමණ ආදායමක් උපයා ගත හැකි බව ඛනිජ තෙල් අමාත්‍යාංශයේ උපදේශක සිරිල් සුදුවැල්ල පැවැසීය.

යන්ත්‍ර සූත්‍ර හා වාහනවල පැය හෝ නියමිත ධාවන දුරකින් හෝ නිශ්චිත පැය ප්‍රමාණයකින් පසු ලිහිසි තෙල් ඉවත් කිරීමෙන් පසු ඒවා ඉවත දැමීමෙන් පරිසරයට හානියක් හා රටට විශාල පාඩුවක් සිදුවේ.

පාවිච්චි කිරීමෙන් පසු පෞද්ගලික අංශයේ ආයෝජකයන්ගෙන් හෝ නැවත පිරිපහදු (Re fine) කිරීමෙන් එම මුදල රටට ඉතිරි කර ගත හැකි බවද හෙතෙම පැවසීය.

මේ වන විටත් ඇමරිකාව, ජපානය, රුසියාව, චීනය, ඉන්දියාව මෙන්ම ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල්ද මේ ආකාරයට භාවිත කර ඉවත ලන ලිහිසි තෙල් නැවත පිරිපහදු කර යළි පාවිච්චියට ගනියි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button