BREAKING NEWSEXCLUSIVE

එල්ටීටීඊය ප්‍රවර්ධනය කළ අයෙක් අත්අඩංගුවට

එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානය අන්තර්ජාලය ප්‍රවර්ධනය කළ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, එරාවුර් පොලීසිය විසින් අදාළ පුද්ගලයා අත්අඩංගුයට ගත් බවය.

තහනම් සංවිධානයක් ලෙස නම් කර තිබිය දීත් අත්අඩංගුවට ගත් සැකකරු විසින් එම සංවිධානය අන්තර්ජාලය හරහා ප්‍රවර්ධනය කර ඇති අතර
එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ එරාවුර් පොලිස් වසමේ චෙන්කලඩි ප්‍රදේශයේ පදිංචි නවනීදන් පිල්ලේ මෝහන් හෙවත් තියටර් මෝහන් නැමති 56 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු සතුව තිබු දුරකථනයක් සහ “ඇපල් අයි පෑඩ්” එකක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර ඔහුට එරෙහිව විවිධ පොලිස් ස්ථානවල නඩු 14ක් පමණ ඇති බව ද සඳහන්.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන අනුව සැකකරු රඳවා තබා ගනිමින් ප්‍රශ්න කිරීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button