BREAKING NEWSEXCLUSIVE
“ඉන්දියානු ලොරි බොඩි ගැසූ බස් තහනම් – ප්‍රමිතිගත යුරෝපීය බස් පමණයි” ගෝඨාගෙන් අලුත් තීරණයක්

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ පොදු ප්‍රවාහනයට භාවිතා කරනා බස්රථ ගෙන්වීම ඉදිරියේ දී තහනම් කිරීමට තීරණය වී තිබෙන බව වාර්තා වෙනවා.
පොදු ප්‍රවාහනය භාවිතා මගීන්ගේ අපහසුතා හේතුවෙන් මෙම තීරණය ගත් බවයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශයේ නිලධාරියෙකු lankamag.com වෙත සඳහන් කළේ.
වර්තමානයේ පුද්ගලික ප්‍රවාහන බස් රථ ලෙස යොදාගන්නේ ලොරි චැසි සඳහා බස් බොඩි එක්කර බවද එම නිළධාරීයා ප්‍රකාශ කළා.
මෙම තීරණය අනුව පුද්ගලික අංශයට යුරෝපීය තත්ත්වය සහතික ලත් පහත් පතුල් බස් රථ (Low-floor bus ) පමණක් ගෙන්වීමට අවසර දීමට නියමිතය.
එම බස් රථ වල ආසන වඩා සුව පහසු අතර එම බස් රථ සඳහා ගොඩවීමට අපහසුවක් නොමැති අතර ගමන් කිරීමේ අපහසුතා ඇති පුද්ගලයන්ටද පහසුවෙන් ගොඩ විය හැකි වනවා.
වර්තමානයේ භාවිතා කෙරෙනා ඉන්දියානු ලොරි බොඩි ගැසූ බස් රථයක්,

ඉදිරියේදි ගෙන්වීමට අවසර හිමිවන යුරෝපීය ප්‍රමිතියේ බස් රථ,
