BREAKING NEWSEXCLUSIVE

උසස් පෙළ සමත් වී රජයේ විශ්වවිද්‍යාල වරම් නොලබන සිසුන්ට උපාධියක් ගන්න රජයෙන් ලක්ෂ 11ක ණයක්

උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් සිසුන්ට පොලී රහිත ණය ක්‍රමයක් මෙම වසරේ සිට ක්‍රියාත්මක කර තිබෙනවා.

උසස් පෙළ සමත් වුවත් රාජ්‍ය විශ්වවිද්‍යාල වරම් අහිමි සිසුන්ට නව අධ්‍යාපන අවස්ථා විවර කරමින් උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම මෙහි අරමුණයි.

රජයේ සරසවි සිසුන් වෙනුවෙන් රජය ලක්ෂ ගණනක් වටිනා උපාධියක් නොමිලයේ ලබා දී, මහපොළ ආදි වෙනත් වරප්‍රසාද ලබා දුන්නද, රජයේ විශ්ව විද්‍යාල වරම් නොලබන සිසුන් වෙනුවෙන් කිසිඳු ආයෝජනයක් සිදු නොවීමේ හිඩැස පිරවීම මෙහි අරමුණයි.

ඉහළ වෘත්තියමය වටිනාකමක් සහිත උපාධියක් ලබා ගැනීම සඳහා උපරිමය රුපියල් ලක්ෂ අටක පොලී රහිත ණය ලබා දීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන, තාක්ෂණික හා නව නිපැයුම් අමාත්‍ය බන්දුල ගුනවර්ධන සඳහන් කරනවා.

එමෙන්ම අමතර වියදම් වෙනුවෙන් තවත් රුපියල් ලක්ෂ තුනක මුදලක්ද ලබා දීමට නියමිතයි.

වසර තුනක හෝ හතරක උපාධිය සම්පූර්ණ කර වසර 7ක් හෝ 8ක් ඇතුලත අදාල ණය මුදල ගෙවිය යුතු වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button