කුඩා දැරියට අතවර කරන්න ගිය නරුමයෙකුගෙන් දැරිය බේරා ගත් පුංචි වීරයෙක්.!

බාල වයස්කාර පාසල් දැරියකට අතවර කිරීමට උත්සාහ කළ පුද්ගලයකුට ගල්වලින් ගසා කුඩා දැරිය බේරාගත් පහළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යයකු පිළිබඳ පුවතක් තංගල්ලෙන් වාර්තා වනවා.
තංගල්ල, කදුරුපොකුණ තහංචිවැව අසලදී පුද්ගලයකු දස හැවිරිදි කුඩා දැරියකට අතවර කිරීමට උත්සාහ කරනු දුටු තංගල්ල ලැබීම ප්‍රදේශයේ හඳුන්නෙත්තිගේ ඉසුරු නිම්සර නම් පහළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යයා දැරිය බේරාගෙන ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය සඳහන් කළා.
දැරිය බේරාගත් පාසල් ශිෂ්‍යයා දිරිගැන්වීම සඳහා තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ කුඩා දැරියගේ මිත්තණිය ඔහුට ත්‍යාග ලබා දී තිබේ.
තංගල්ල, කදුරුපොකුණ ප්‍රදේශයේ පදිංචි දස හැවිරිදි දැරියකගේ මවුපියන් නිවෙසේ නොමැති අවස්ථාවකදී ඇය නෑදෑ නිවෙසකට යමින් සිටියදී ඉකුත් 17 වැනිදා මෙම සිද්ධියට මුහුණ පා තිබේ.
එම ප්‍රදේශයේ නිතර සැරිසරමින් සිටින පුද්ගලයකු මෙම දැරිය දැක ඇය අල්ලාගෙන අතවර කිරීමට උත්සාහ කරන ආකාරය දුටු ඉසුරු නිම්සර පාසල් සිසුවා ගල්වලින් ඔහුට ගසා දැරිය බේරාගෙන ඇතැයි පොලිසිය පවසනවා.
බේරාගත් කුඩා දැරිය ඉසුරු නිම්සර විසින් ඇයගේ ඥාතීන්ට භාරදී ඇති අතර දැරියගේ මිත්තණිය මේ සැකකාර පුද්ගලයා සම්බන්ධයෙන් පැමිණිළි කළ බවත් තංගල්ල මූලස්ථාන පොලිසිය පැවසුවා.