BREAKING NEWSEXCLUSIVE

ගෑස් මිල වැඩි වීම ගැන ලිට්‍රෝ සමාගමෙන් තීරණයක්..

ලිට්‍රෝ ගෑස් සමාගම ඊයේ (22දා) පැවැත් වූ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති අතර ගෘහස්ථ ගෑස් සිලින්ඩරයකින් රුපියල් 1500ක පමණ පාඩුවක් ලබන බව මෙහි දී සාකච්ඡා වී තිබෙනවා.

නමුත් සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද අවසන් වන තුරු ලිට්‍රෝ ගෑස් මිල වැඩි නොකිරීමට එම සමාගම තීරණය කර ඇත.

එළැඹෙන සෙනසුරාදා (26) වන විට වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟය අවසන් වන බවද ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරනවා.

මෙම සතියේ ශ්‍රී ලංකාවට ළඟා වන ගෑස් මෙට්‍රික් ටොන් දස දහසකට අවශ්‍ය ඩොලර්ද ශ්‍රී ලංකා මහ බැංකුව ලිට්‍රෝ සමාගමට පෙරේදා (21) ලබා දී ඇති අතර එම මුදල ඇමරිකානු ඩොලර් මිලියන දහයකට අධික වනවා.

ඒ අනුව ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක ගෑස් ගොඩ බෑම ඊයේ (22) ආරම්භ කරන ලදී. එළැඹෙන බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා ලිට්‍රෝ ගෑස් සමාගම ආනයනය කරන ලද තවත් ගෑස් නෞකා දෙකක් මෙරටට ළඟා වීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button