BREAKING NEWSEXCLUSIVE

ඔන්ලයින් විකුනන්න දෙන්න බෑ. මත්පැන් බලපත්‍රලාභීන් සුරාබදු කොමසාරිස්ට එරෙහිව නඩු මඟට..

ඔන්ලයින් ක්‍රමය මගින් මත්පැන් අලෙවි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට එන්තරවාසියක් යොමු කර තිබෙනවා.

පෞද්ගලික නීතිඥ සමාගමක් මගින් යොමු කර ඇති මෙම එන්තරවාසියෙන් පෙන්වා දී ඇත්තේ අන්තර්ජාලය ඔස්සේ ඇනවුම් කර මත්පැන් අලෙවි කිරීම සුරාබදු ආඥා පනත සහ 2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත පැහැදිලිවම උල්ලංඝනය කිරීමක් බවයි.

සුරාබදු නිවේදන අංක 666 යටතේ බලපත්‍රය ලබාදී ඇති පරිශ්‍රය තුළ පමණක් මත්පැන් අලෙවි කළ යුතු බවට පැහැදිලිවම නියෝග කර ඇති බව මෙමගින් පෙන්වා දී තිබෙනවා.

එසේම එම වගන්තිය යටතේ ඕනෑම මත්පැන් වර්ගයක් බලපත්‍රලාභීයකු හෝ ඔහු​ගේ නියෝජිතයකු හෝ සේවකයකු සන්තකයේ තබා ගැනීම හෝ විකිණීම තහනම් බව ද එමගින් පවසා තිබේ.

නමුත් බලපත්‍රලාභියකු අන්තර්ජාලය මගින් මත්පැන් අලෙවි කරන විට, එම බලපත්‍රය ප්‍රදානය කරන ලද පරිශ්‍රය තුළ විකිණීම සිදු නොවන බවත් පරිගණකය හෝ වෙනත් ඉලෙක්ට්‍රෝනික උපකරණයක් මගින් මත්පැන් නිෂ්පාදන මිලදී ගන්නේ නිවසේ සිට හෝ වෙනත් ඕනෑම බාහිර ස්ථානයක හෝ සිට බවත් ගෙවීම් අන්තර්ජාලය ඔස්සේ සිදු කරන බවත් මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය අවධාරණය කරයි.

එබැවින් සුපිරි වෙළෙඳසල්වලට හෝ වෙනත් සිල්ලර වෙළෙන්දකුට අන්තර්ජාලය මගින් මත්පැන් විකිණීමට අවසර දෙන්නේ නම්, මත්පැන් මිලදී ගන්නා අන්තර්ජාලය ඔස්සේ මත්පැන් මිලදී ගන්නේ අලෙවිසැලෙහි සීමිත සීමාවෙන් පිටත පිහිටි ස්ථානයක වීම පවත්නා නීතියට පැහැදිලිවම පටහැනි බව මත්පැන් බලපත්‍රලාභීහු පෙන්වා දෙනුලබනවා.

මීට අමතරව මත්පැන් අලෙවි නොකළ යුතු පුද්ගලයන් පිළිබඳව අංක 666 දරන සුරාබදු නිවේදනයේ එන්තරවාසියෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇති අතර,මේ සම්බන්ධයෙන් නිසි නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට අදහස් කරන බැවින් දින 21ක් ඇතුළත මේ පිළිබඳව ප්‍රතිචාර දක්වන ලෙස ඔවුන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර මාර්ගගත ක්‍රමයට මත්පැන් අලෙවි කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව කළ යෝජනාව මුදල් අමාත්‍යාංශය අනුමත කර තිබුන අවස්ථාවක රජයෙන් එය යලිත් වරක් සලකා බලන ලෙස සදහන් කර තිබිනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button