BREAKING NEWSEXCLUSIVEPOLITICS

කාදිනල්තුමාගෙන් පාස්කු ප්‍රහාරය ගැන පාප් වහන්සේට ලිපියක්. 21 වනදා රට පුරා කළු කොඩි ඔසවන්නත් සැරසෙයි.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් හෙළි නොවුණු කරුණු ඇතුළත් කරමින් අතිඋතුම් පාප් වහන්සේ වෙත ලිපියක් යැවීමට පියවර ගෙන තිබෙනවා.

කාදිනල් හිමිපාණන් වන මැල්කම් රංජිත් හිමිපාණන් විසින් මෙම ලිපිය පාප් වහන්සේ වෙත යොමු කර ඇති බව දැනගන්නට ලැබෙන අතර, පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉටු නොවුණහොත් ජාත්‍යන්තරය ඉදිරියට යන බවද කාදිනල් හිමිපාණන් විසින් ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී සදහන් කලා.

පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිවයුත්තන්ට එරෙහිව දැනට ගෙන ඇති නෛතික ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමකට පත්නොවන බව පවසමින් කතෝලික සභාව ඉකුත් ජුලි මස ජනාධිපතිවරයාට පිටු 19 කින් යුත් ලිපියක් යොමුර තිබු අතර, ඊට ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලද ප්‍රතිචාරය පිළිබඳව සැහීමකට පත් නොවන බව සඳහන් කරමින් අද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවා තිබුණි.

ඊට විදෙස් මාධ්‍ය ආයතනවල මෙරට නියෝජිතයින් ද කැඳවා තිබීම විශේෂත්වයකි. මීට අමතරව පැවැත්වෙන මන්දගාමී විමර්ශනයන්ට විරෝධය පා ලබන 21 වැනි දින රට පුරා කළු කොඩි එසවීමට කටයුතු කරන බවද උන්වහන්සේ විසින් ඊයේ එම විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී සදහන් කරනු ලැබීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button