BREAKING NEWSEXCLUSIVEPOLITICS

ව්‍යාපාර මෙන්ම සේවක ප්‍රජාව ද රැක ගනිමින් අභියෝගවලට මුහුණ දෙමු – අගමැති

සිය ආයතන වලින් සේවකයින් ඉවත් කිරීම වෙනුවට ඔවුන් රැකගනිමින් මෙම වසංගත තත්ත්වය හමුවේ මුහුණ පා ඇති අභියෝගවලට මුහුණ දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සියලුම කර්මාන්තකරුවන්ගෙන් සහ ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාම සංගමය හා ශ්‍රී ලංකා සිල්ලර වෙළෙඳුන්ගේ සංගමය මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ දී ඊයේ පැවති සාකච්ඡාවේදී අගමැතිවරයා එම අදහස් පළ කර තිබේ.‍

බැංකු ණය සහන ලබා ගැනීම, ණයවර ලිපි විවෘත කිරීමේ දී ඇති ගැටලු විසඳා ගැනීම, ඇඟලුම් සේවකයන් සඳහා එන්නත්කරණය, කොවිඩ් මාර්ගෝපදේශවලට අනුව නිමි ඇඳුම් වෙළෙඳසැල් විවෘත කිරීමට අවසර ලබා ගැනීම, සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් ගැටලු සම්බන්ධයෙන් පැමිණ සිටි නියෝජිතයෝ මෙහිදී අදහස් දැක්වූහ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සහ කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් දැනට මාස 24කට ආසන්න කාලයක් සිය ව්‍යාපාර කටයුතු අඩපණ වී ඇතැයි පෙන්වා දුන් එම නියෝජිත පිරිස ව්‍යාපාර හා වෙළෙඳාම් පවත්වාගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය ඔස්සේ හදිසි සහන ලබා දෙන්නැයි අගමැතිවරයාගෙන් ඉල්ලීම් කර තිබේ.

ව්‍යාවපාර නඩත්තු කරමින් සේවකයන් තවදුරටත් සේවයේ තබා ගැනීම ද දුෂ්කර වී ඇති නිසා ඔවුන් ඉවත් කිරීමට සිදුවන අවස්ථා හැර වෙන විකල්පයක් නොමැති බව කී එම සංගම්වල නියෝජිතයෝ එසේ සේවකයන් ඉවත්කිරීම ද දුෂ්කර කාර්යයක් වී ඇති බව පෙන්වා දී ඇත.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා, බතික්, අත්යන්ත්‍ර රෙදිහා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසායප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අග්‍රාමාත්‍ය අතිරේකලේකම් චමින්ද කුලරත්න, බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්සුජීවා පල්ලියගුරු, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීහු ඇතුළු මුදල්අමාත්‍යංශයේ සහ මහ බැංකුවේ නියෝජිත පිරිසක් එක්ව සිටියහ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button